රිළවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට විශේෂ ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිළවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව බහුවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ත්ව ගහන ව්‍යාප්තිය පාලනයට හා බෝගවලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටයි එහිදී පියවර ගෙන ඇත්තේ.
මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට ද සැලැසුම් සකස් කර තිබෙනවා.