Thursday, November 21, 2024

General line - 0115112241

නව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු 25 පනී




නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 සීමාව ඉක්මවා යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ පුද්ගල අවශ්‍යතා මත නොව රටට අවශ්‍ය අමාත්‍යංශය නිර්මාණය කර ඊට සුදුසු පුද්ගලයින් පත් කරන බවයි.

ජාතික ජන බලවේගයට ලද අසීමිත බලය ජනතා සුබ සිද්ධිය උදෙසා පමණක්ම භාවිත කරන බවයි ඔහු සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.