තාවකාලිකව අත්හිටවූ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 11යි 30ට යළි ආරම්භ වුණේ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
ඊට පෙර සම්ප්රදානුකූලව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අභිනව කතානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියා.
ජනාධිපතිවරයා පිළිගෙන පාර්ලිමේන්තුවට කැඳවාගෙන යනු ලැබුවේ කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින්.
පසුව පාර්ලිමේන්තුවට පිවිසි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ජාතිවාදී දේශපාලනයට යළි ඉඩක් නොතබන බවයි.
පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාවට දුරස්ථ නොව මහජනතාවගේ පරික්ෂාවට ලක් කරන ස්ථානයක් බවට පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවද මෙහිදී ප්රකාශ කෙරුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට සිදු කරන ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයේ තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්රවෘත්ති ප්රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.
පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.