අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
ඒ, ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති පුරෝකථනය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව සිසුන්ට මෙන්ම විභාග රාජකාරීවල නිරත නිලධාරීන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ලබන 25 වනදා ආරම්භ වනවා.