එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, ලබන 25 වනදා සිට ජනවාරි මස 15 වනදා දක්වා කාල සීමාව තුළයි. මෙහිදී තොග අලෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල්ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළඳපළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම්, කල්පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා මෙම කාලසීමාව තුළදී වැඩි ඉල්ලුමක් පවතිනවා.
එබැවින් එම වෙළඳසැල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.
උත්සව සමය තුළදී පාරිභෝගිකයන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දීමට හැකි බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.