දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව සහල් අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වන අනුරාධපුර ටී එම් එස් බණ්ඩාර මහතා පැවසුවේ එලෙස කටයුතු කරන්නේ නම් රටේ පවතින සහල් අර්බුදයට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුමක් ලැබෙන බවයි.
එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු කියා සිටියා.
වී වගා කිරීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් ගොවීන්ට නිසි දැනුවත් කිරීම් සිදු නොකිරීමද සහල් අර්බුදයට බලපා ඇති තවත් හේතුවක් වනවා.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව පළතුරු අලෙවි කිරීමටද නිසි වෙළඳපොළක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද ව්‍යාපාරික ටී එම් එස් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.