Friday, November 22, 2024

General line - 0115112241

පිල්ලෙයාන් අදත් CIDයට




ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. 

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි. 

පසුගිය 20වනදාද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටියා. 

එහිදී පිල්ලෙයාන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවයි. 

ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට එලෙස පැමිණෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු දැනුම් දී තිබෙනවා. 

විනාඩි 50කට ආසන්න කාලයක් විකාශය කෙරුණු අදාළ වීඩියෝවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙක්. 

අනතුරුව අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබුණා. 

ඒ අනුව එම අමාත්‍යංශය කළ දැනුම්දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.