Saturday, November 23, 2024

General line - 0115112241

මල්වතු සහ අස්ගිරි පාර්ශවයෙන් ආණ්ඩුවට උපදෙසක්

හේරත් ඒකනායක




වත්මන් ආණ්ඩුවට ජනතාව ඡන්දය ලබා දුන්නේ බොහෝ දේවල් අපේක්ෂාවෙන් බව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමිවරුන් පවසනවා. 

ඒ අනුව ඒ අනුව, ජනතා අපේක්ෂා ඉටු කිරීමට ආණ්ඩුවේ සියලු දෙනා කැපවිය යුතු බවයි උන්වහන්සේලා පැවසුවේ. 

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පළමුව මල්වතු මහා විහාරයට ගොස් මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මේ එහිදී අනුශාසනාවක් කළ පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්. 

ඉන් අනතුරුව මැති ඇමතිවරුන් අස්ගිරි විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තා.