Saturday, November 23, 2024

General line - 0115112241

නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් රාජකාරී අරඹයි




නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය අමාත්‍යංශවලදී රාජකාරී ආරම්භ කළා. 

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ටී බී සරත් මහතා රාජකාරී අරම්භ කළේ නිවාස අමාත්‍යංශයේදීයි. නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාද අද රාජකාරී ආරම්භ කළා. 

ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදීයි. ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද අද සිය රාජකාරී ආරම්භ කළා. 

මේ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද රාජකාරී ආරම්භ කළේ එම අමාත්‍යංශයේදීයි. 

වැඩකරන ජනතාව ඇතුළු රටේ පොදු ජනතාවට යහපත් රටක් ගොඩනැඟීම සඳහා කැපවන බවයි ඔහු එහිදී කියා සිටියේ. 

මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකටද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.