ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වෙනි වාරිකය ලබන වසර තුළදී ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී එම අමාත්‍යංශයේ ලේකම් කේ එම් එම් සිරිවර්ධන මහතා ඒ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ 03 වෙනි සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ඊයේ හිමිවුණා.
ඒ අනුව සිව්වන වාරිකය ලෙස ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 333 ක් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෲවර් මහතා නායකත්වය දුන් අතර ඔවුන් නොවැම්බර් 17 වනදා සිට මෙරට රැඳී සිටිනවා.
2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක් වූ විස්තීර්ණ ණය පහසුකම මාස 48 ක් පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව සඳහා අනුමත කළා.