ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ලද පරාජයත් සමඟ සමගි ජන බලවේගයේ නායකත්වය වෙනස්විය යුතු බවට ඇතැම් කණ්ඩායම් මේ වන විටත් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවා පසුගියදා සඳහන් කළේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම් රටාව ද වෙනස් කරගත යුතු බවයි.
එමෙන්ම පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සඳහන් කළේ සමගි ජන බලවේගයේ ප්රතිසංශෝධන සිදු කරමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකල යුතු බවටයි.
කෙසේවෙතත් මතුවී තිබෙන නායකත්ව ගැටළුව සම්බන්ධයෙන් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍යවේදීන් සෘජුව ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කළේ නායකත්වය වෙනස් වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මෙය සුදුසු කාලයක් නොවන බවයි.
පක්ෂය ආරම්භ වී දැනට වසර 04 කට වැඩි කාලයක් ගතව ඇති බැවින් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී පක්ෂයේ සියලුදෙනා එක්ව එම තීරණය ගත යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.