Sunday, November 24, 2024

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය පාලනයට රජයෙන් නව වැඩපිළිවෙලක්




රට තුළ හුවමාරු වෙමින් පවතින විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මේ වන විටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 

මත්ද්‍රව්‍යවලින් තරුණ කණ්ඩායම් මුදවා ගැනීම රජයේ ප්‍රධානතම වගකීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


උතුරු - නැගෙනහිර පැවැත්වෙන මහවිරු සැමරුම් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජය විසින් තහනම් කර ඇති කිසිදු සංවිධානයක නායකයින් සැමරීම නීත්‍යානුකූල නොවන බවයි.