කථානායක, ආචාර්ය අසෝක රන්වල මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදී අභිනව කථානායකවරයා වෙත සුබ පැතුම් එක්කල ඉන්දීය මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව කථානායක අශෝක රංවල මහතා එහිදී ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.