බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
පාසල් සංවර්ධන නිලධාරින් වහා ගුරු සේවයට බඳවා ගන්නා ලෙස බල කරමින් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරි එකමුතුව විසින් විරෝධතාවය සංවිධාන කර තිබුණා.
ඔවුන් බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කිරීමත් සමග එම ස්ථානයේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
ඒ අනුව මෙම විරෝධතාකරුවන් සිව්දෙනා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූ එක් පොලිස් නිලධාරියෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබනවා.