Monday, December 2, 2024

General line - 0115112241

කහතුඩුව පොලිසියට චෝදනාවක්




කොට්ටාව, තලගල මාර්ගයේ දීපන්ගොඩ හන්දිය ආසන්නයේ සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ ඥාතීන් වෙත මෙතෙක්  සාධාරණයක් ඉටුව නොමැති බවට කහතුඩුව පොලිසියට චෝදනා එල්ල වනවා. 

අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ ඥාතියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ අනතුර සිදුකල පුද්ගලයා පොලිස් නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඇති බවයි. 

කෙසේවෙතත් එම සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඔහු කියා සිටියා.  

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියෙන් ද විමසීමක් කළා. 

පොලිසිය පැවසුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි. 

එම සැකකරු මත්ද්‍රව්‍ය සඳහා දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.