ගොඩකවෙල - අම්මඩුව ප්රදේශයේදී ගසක අත්තක් වැදී පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරාගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් දරුවාගේ හිසෙහි වැදීමෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි රංවල, ගොඩකවෙල ප්රදේශයේ පදිංචි දරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගොඩකවෙල පොලීසිය මගින් සිදුකරනු ලබනවා.