Wednesday, February 5, 2025

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ තුන් වන ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම දිවයිනට




පකිස්තානයේ පැවති 04වන දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වී තුන් වන ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, අද යළි මෙරටට පැමිණියා. 

මෙම තරඟාවලිය පසුගිය මස 23 වනදා සිට මේ මස 03 වනදා දක්වා පැවැත්වුණා. 

පකිස්තානයේ මුල්ටාන් නුවරදී පැවති මෙම තරඟාවලිය සඳහා රටවල් 07ක් නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වී තිබුණා. 

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සඳරුවන් මෙම තරඟාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත්තා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියද, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ඔවුන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ඇතුළු පිටත රැඳී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.