Thursday, December 12, 2024

General line - 0115112241

ෆයිසර් පත් කිරීම ගැන රනිල්ට ලිපියක්




නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිපියක් යොමුකර තිබෙනවා. 

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතයි. එම ලිපියෙන් ඇය පෙන්වා දී ඇත්තේ, බහුතරයකගේ තීරණය මත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ පත්කිරීම සිදුකළ බවයි.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ දේශපාලන කමිටුව කැඳවා සාකච්ඡා කළ බවද පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පවසනවා. 

එහි ඒකමතික තීරණය වුයේ අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ පොදු එකඟතාවකට එළැඹීමේ ප්‍රවණතාවයක් නොපෙනෙන බැවින් බහුතර එකඟතාවය පිළිගත යුතු බවත් යැයි අදාළ ලිපියේ සඳහන්. 

ඒ අනුව ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව සඳහා බහුතරයකගේ තීරණය මත ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවූ බවද පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මේ වන විටත් ගැසට් කර තිබෙනවා.