තමන් ලබන ජනවාරි මාසයේදී චීනයේද නිල සංචාරයක නිරත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 15වනදා ඉන්දියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා එක් වුණා.
ඒ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුවයි.
සිය නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපතිනි, ඉන්දීය අග්‍රාමාත්‍ය සහ රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.
එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකටද එක්වුණා.
ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක බවයි එම සංචාරයට එක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.