මනරම් ගීත රැසකින් දශක ගණනාවක් පුරා මෙරට ජනතාව පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අද දැයෙන් සමු ගත්තා.
ඒ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරැල්ල කනත්තේදීයි.
කලාකරුවන් සහ ප්‍රියා සූරියසේන මහතාගේ ඥාතීන්, හිත මිතුරන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මේ, එම අවමංගල්‍ය සභාව ඇමතූ ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතා.
ප්‍රියා සූරියසේන මහතාගේ පුත් ආචාර්ය ලක්ෂිත සූරියසේන මහතා එහිදී ස්තුති කතාව සිදු කළා.