වන සතුන්ගෙන් මෙරට කෘෂිකර්මාන්තයට සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා කෘෂි ක්ෂේත්‍රයේද පරිවර්තනීය වෙනසක් අවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
වන සතුන්ගෙන් සිදු වන වගා හානි වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම්වල පර්යේෂණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මහනුවරදී මැධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
මෙවර මාස් කන්නයෙන් පසු ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට ගැටලු මතු නොවන ලෙස කටයුතු කිරීමේ හැකියාවක් පවතින බවද අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළා.