Friday, January 3, 2025

General line - 0115112241

ඇමරිකානු භාණ්ඩාගාරයේ දත්ත පද්ධතියට ඇතුළු වූ බවට චීනයට චෝදනා




ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිවලට චීන රාජ්‍ය අනුග්‍රහය ලත් හැකර්වරුන් ඇතුළු වී ඇති බවට ඇමරිකානු බලධාරින් චෝදනා එල්ල කරනවා. 

එලෙස භාණ්ඩගාර දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළු වූ බාහිර පාර්ශවයක් සේවා ස්ථාන හා ලියකියවිලි වෙත ප්‍රවේශ වී ඇති බවයි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එරට නීති සම්පාදකයින් වෙත දැනුම්දී ඇත්තේ. 

මෙම මස මුල් කාල සීමාවේදී තෙවන පාර්ශවයක් එලෙස සිය දත්ත ගබඩා වෙත ඇතුළු වී ඇති බවද ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නීති සම්පාදකයින් වෙත දැනුම්දී තිබෙනවා. 

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය එය ප්‍රධාන සිදුවීමක් ලෙස හඳුන්වා දී ඇති අතර FBI ආයතනය ඇතුළු විමර්ශන ආයතන අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවයි ඇමරිකානු බලධාරින් සඳහන් කර ඇත්තේ.