Sunday, January 5, 2025

General line - 0115112241

මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කිරීමේ පනත ළඟදීම පාර්ලිමේන්තුවට




පාර්ලිමේන්තුවේදී ආහාර ලබා ගන්නා මන්ත්‍රීවරුන්ගෙන් අයකර ගන්නා මුදල ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 

උදෑසන ආහාරවේලකට රුපියල් සියයක් සහ දහවල් ආහාර වේලකට රුපියල් 300ක මුදලක් පමණක් මන්ත්‍රීවරුන්ගෙන් අයකරනු ලබනවා. 

කෙසේවෙතත් එම මුදල ප්‍රමාණවත් නොවන බවයි නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ. 


නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට සමගි ජන බලවේගයේ කැලණිය ආසන සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගලවත්ත ආසන සංවිධායක උදේනි අතුකෝරළ මහතාද එක්වුණා. 

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් එහිදී අදහස් පළ වුණා. 


නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.