Saturday, January 4, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකිකයෙකුට බි්‍රතාන්‍යයෙන් නයිට් පදවියක්




ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බි්‍රතාන්‍යයේ වෙසෙන රනිල් ජයවර්ධන මහතාට නයිට් නාමයක් ප්‍රදානය කර තිබෙනවා. 

ඒ, බි්‍රතාන්‍ය චාල්ස් රජතුමා විසින්. ඒ අනුව මින් ඉදිරියට ඔහු “සර් රනිල් ජයවර්ධන” ලෙස හැඳින්වීමට නියමිතයි.

රනිල් ජයවර්ධන මහතා බි්‍රතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එරට රජයේ අමාත්‍යවරයෙක්. 

එහෙත් පසුගිය මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කරන හැම්ප්ෂෙයර් ආසනය ජය ගැනීමට හැකි වුණේ නැහැ.

කෙසේවෙතත් මහජන නියෝජිතයකු ලෙස රනිල් ජයවර්ධන මහතා මෙතෙක් ඉටු කළ කාර්යභාරය අගයමින් ඔහුට මෙලෙස නයිට් නාමයක් පිරිනමා ඇතැයි සඳහන්.