දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිත කරන පාසල් සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා.
ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසුවේ 07 සහ 08 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ද වර්තමානයේ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිත කිරීමට පෙළඹී ඇති බවයි.
එම සිසුන් වෙනත් මත්ද්‍රව්‍යවලට පෙළඹීමේ අවදානමක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කළා.
පාසල් සිසුන් එම තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට පාසල් ගුරුවරුන්ට මෙන්ම උපකාරක පන්ති ගුරුවරුන්ටද විශාල වගකීමක් ඇති බවයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් පැවසුවේ.