Saturday, January 4, 2025

General line - 0115112241

පොලිසිය සිදු කළ හදිසි මෙහෙයුමකදි පුද්ගලයින් 130 දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර

රංජිත් රාජපක්ෂ




හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන නවයකට අයත් බල ප්‍රදේශය තුළ ඊයේ රාත්‍රියේ හදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. 

එම මෙහෙයුමේදී පුද්ගලයන් 130 දෙනෙකුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමට කටයුතු කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ. 

මේ අතරට බීමත් රියදුරන් 04 දෙනෙකු, රථ වාහන වැරදි සම්බන්ධ පුද්ගලයින් 109 දෙනෙකු ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 17 දෙනෙකු අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ. 

මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.