ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ සමාරම්භය සමග බලශක්ති අමාත්‍යංශයද අද එම වැඩසටහන සමග එක් වුණා. ඒ, බලශක්ති අමාත්‍යංශයේදීයි.
එම අවස්ථාවට එක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණු හා ඉලක්ක ජයගැනීමට බලශක්ති අමාත්‍යවරයා ලෙස තමා යටතේ තිබෙන ආයතනවල සහයෝගය ලබා දෙන බවයි.
ඊට ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන රැසක් එක් වන බවයි ඔහු පැවසුවේ. රටේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, සදාචාරමය හා පාරිසරික ප්රගමනයක් ඉලක්ක කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග රටේ සියලු පුරවැසියන්ටද එක් වන ලෙසයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.