“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව, ශ්‍රී ලංකා පොලීසිය මඟින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා, රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
එහි පළමු මෙහෙයුම මඟින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම සමඟින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.
දෙවන මෙහෙයුම මඟින් උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස එම මෙහෙයුම් ඊයේ දින සිට ලබන 19 වනදා දක්වා සති දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එහිදී රියදුරන් වෙත අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම පළමු මෙහෙයුමට අදාළව රථවාහනවල සවිකර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන්ට හට උපදෙස් ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඉදිරියේදී එම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහනවල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයින් යොදවා තොරතුරු ලබාගෙන, සිදුකරන වැරදිවලට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති මෙජර් ජෙනරාල් ලසන්ත රොද්‍ර‘ගෝ මහතා පැවසුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට යුද හමුදාවේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.