ඉදිරි කාලය තුළදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට වඩා වැඩි ප්‍රමාණයක් රජය විසින් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
සතොස සහ සමූපාකාර හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර වෙළඳපොළේ පවතින සහල් හිඟය පිළිබඳ රජය මැදිහත් වී කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ.