Tuesday, January 7, 2025

General line - 0115112241

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ අගමැතිනියගේ අවධානය




මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.          

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්. 
 

එහිදී පසුගිය වසර කිහිපය තුළ පාසල් දරුවන් සහ පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල, වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය එහිදී සිය අවධානය යොමු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ. 

එමෙන්ම මෙරට ද්විතීයක අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
 

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.