මී උණ රෝගයට ගොදුරු වූ තවත් රෝගීන් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට මී උණ රෝගයෙන් මියගිය පුද්ගලයින් ගණන 14ක්. යාපනය ප්‍රදේශයේ රෝහල් දෙකක තවමත් මී උණ රෝගය වැළදුණු බවට තහවුරු වූ රෝගීන් 17 දෙනෙකු සහ තහවුරු නොවූ රෝගීන් 07 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේතීස්වරන් මහතා පැවසුවේ මී උණ රෝගය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුනද ජනතාව රෝගය පිළිබදව සැලකිල්ලක් නොදැක්වීම මී උණ රෝගය වැළදීමට හේතුවී ඇති බවයි.
කුඹුරු ගොවිතැන්වල නිරත වන ගොවීන් නිසි ප්‍රතිජීවක ඖෂධ ලබා නොගැනීමත් සෞඛ්‍ය උපදෙස් ක්‍රියාවට නැංවීමට ඇති මැලිකම හේතුවෙන් මී උණ රෝගීන් වැඩිවීම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සිදුවන බවයි යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.