“ක්ලීන් ශ්‍රී ලංකා” යනු පුළුල් වැඩපිළිවෙලක් බවත් එය වාහනවල අමතර කොටස් ගැලවීමට පමණක් සීමා නොවන බවත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය නියෝජනය කරන චමින්ද ජයසූරිය මහතා පවසනවා.
කෙසේවෙතත් මාර්ග අනතුරුවලින් ජීවිත අහිමි වීම අවම කිරීමට රජයේ ප්රමුඛ අවධානයක් යොමුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති හඳුන්වාදීම සිදුවන බවයි ඔහු කියා සිටියේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය නියෝජනය කරන චමින්ද ජයසූරිය මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.