Thursday, January 9, 2025

General line - 0115112241

අමෙරිකාවේ ලොස්ඇනජලිස් දරුණු ලෙස ගිනි ගනී




අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පැතිර යන ලැව් ගින්න මේ වන විට දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. 

ඒ, පැය කිහිපයක් තුළ අක්කර 10කට සීමා වී තිබූ ලැව් ගින්න අක්කර 2,900ක් පුරා පැතිර යාමත් සමඟයි.

පවතින තත්ත්වයත් සමඟ පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

තර්ජනයට ලක්ව ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 13,000ක්. විදුලි සැපයුම අහිමි වී ඇති නිවාස හා ව්‍යාපර ස්ථාන සංඛ්‍යාව 46,000කට අධිකයි. 

විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව ඇති පිරිස අවම වශයෙන් ලක්ෂ 02ක්. 
 

වියළි කාලගුණය හා පැයට කිලෝ මීටර් 80ක සුළං ගින්න පැතිර යාමට හේතුවී තිබෙනවා. 

ලැව් ගින්න හේතුවෙන් කැලිෆෝනියා ජන ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පවතින තත්ත්වය සලකා ලොස්ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි දැන් තීරණය කර ඇත්තේ.