Thursday, January 9, 2025

General line - 0115112241

තීක්ෂණගෙන් කඩුළු ත්‍රිත්වයක් - ශ්‍රී ලංකාවට 256ක ඉලක්කයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තීරණාත්මක දෙවන එක්දින ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. ඒ, නවසීලන්තයේ හැමිල්ටන්හීදීයි. 

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දුවාර 37කට සීමා කෙරුණා. 

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි. ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 37දී කඩුළු 09ක් දැවී ලකුණු 255ක් රැස් කළා. 

රචින් රවින්ද්‍රා ලකුණු 79ක් සහ මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස්කළා. 
 

එහිදී පන්දුවාර 22ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 168ක් රැස්කර ගනිමින් නවසීලන්තය ප්‍රබල ස්ථාවරයක් ගොඩනැගුවා. 

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්තයේ අවසන් කඩුළු 07 ලකුණු 83ක් තුළ බිඳ හෙලමින් යළි තරගයට අවතීර්ණ වුණා. 
 

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 44කට කඩුලු 04ක් බිඳ හෙලුවා. 

ඔහු මෙහිදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ද විශේෂත්වයක්. 35 වන පන්දු වාරයේ අවසන් පන්දු දෙකේදී හා 37 වන පන්දු වාරයේ පළමු පන්දුවේදී කඩුලු දවා ගනිමින් මහීෂ් තීක්ෂණ එම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.
ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීමට නියමිතයි.