Thursday, January 9, 2025

General line - 0115112241

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසකට අධිකරණ නියෝගයක්.




අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි. 

ඒ අනුව අද පස්වරු 06.00 දක්වා කාලය තුළ ඔවුන්ට කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වාද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු‍ පාරද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් වළකින ලෙසත් දැනුම් දී තිබෙනවා.