කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සගවාගෙන කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටවීමට තැත් කළ බොස්නියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්. සැකකරු විසින් පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා බ්‍රශ් 114 ක් තුළ, කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 ක් සූක්ෂම ලෙස සගවා ඇති අතර එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 97ක්.
එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කළ සැකකාර විදේශීය ජාතිකයා කටාර් රාජ්‍යයේ සිට දෝහා වෙත පැමිණ තිබෙනවා.
ඉන්පසුව ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.