ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ භූමිකම්පාවෙන් අවතැන්වූවන්ට චීන රජයෙන් සහන ලබාදී තිබෙනවා.
ඒ අනුව චීන මධ්‍යම රජය විසින් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයේ ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබෙන බවයි විදීස් මාධ්‍ය වාර්තා කරන්නේ
6000කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් සහ තවත් සහන තොගයක් අද එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ .
කෙසේවෙතත් භූකම්පනයෙන් අවහිර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව චීන මාධ්‍ය පවසනවා.
චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ එවරස්ට් කන්දට කිලෝමීටර් 80ක් පමණ උතුරින් පිහිටි ෂිගස්තේ නගරයට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් තවත් 188 දෙනෙකු තුවාල ලබා තිබුනා
.
නිවාස 3,600කට අධික ප්‍රමාණයක් කඩා වැටී ඇති අතර 30,000කට අධික නිවැසියන් වෙනත් ස්ථාන කරා යොමු කර ඇති අතර විපතට පත් වූවන් සෙවීමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මෙම බලපෑම අසල්වැසි නේපාලය, භූතානය සහ ඉන්දියාවට ද බලපා තිබුනා