Thursday, January 9, 2025

General line - 0115112241

මේ වසර මැදදී උද්ධමනය ස්ථාවර මට්ටමකට




මෙම වසරේ මැද භාගය වන විට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වර්ෂය සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

වසර 75ක් සපිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වර්ෂය සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම අද සිදු කෙරුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5කින් වර්ධන වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවට පුරෝකථනයක් කර ඇති බවයි. 

එය වසර 07කින් මෙරට ආර්ථිකයේ සිදු වූ වැඩිම වර්ධනය බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.