Thursday, January 9, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව, නවසීලන්ත එක්දින තරගාවලියත් පරදී




නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 113කින් පරාජයට පත් වුණා. 

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දුවාර 37කට සීමා කෙරුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි. 

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 37දී කඩුළු 09ක් දැවී ලකුණු 255ක් රැස් කළා. 

රචින් රවින්ද්‍රා ලකුණු 79ක් සහ මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස්කළා. 

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 44කට කඩුලු 04ක් බිඳ හෙලුවා. 

ඔහු මෙහිදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ද විශේෂත්වයක්. 

ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි. 

කමිඳු මෙන්ඩිස් ලකුණු 64යි. 

ජනිත් ලියනගේ ලකුණු 22යි. චමිඳු වික්‍රමසිංහ ලකුණු 17ක් රැස් කළා. 

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු දහයේ සීමාව පසුකර යාමට හැකි වුණේ නැහැ.