දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඒ බව ලිඛිතව දැනුම්දී තිබෙනවා.
කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී ඇති එම කාර්යයන් දිගින් දිගටම ප්‍රමාද කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි අපහසුතාවට පත්ව ඇති බවද එම ලිපියේ සඳහන්.
ඉදිරි දින 14 තුළ එම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ.