බස් සහ ත්‍රිරෝද රථවල අමතර උපාංග ගැලවීමේදී පොලිසිය මීට වඩා නම්‍යශීලී ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ නම්, මේ වන විට මතුව ඇති ගැටළු අවම කර ගත හැකිව තිබූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ පුළුල් අරමුණු සම්බන්ධයෙන් නිසි පරිදි සමාජය දැනුවම් කර නොමැති බවයි.
ඔහු කියා සිටියේ රාජ්‍ය අංශයේ හොරකම, දූෂණය සහ වංචාව අවම කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යොදාගත යුතු බවයි.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.