ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරන සාකච්ඡා සාර්ථක බව සමගි ජන බලවේගය පවසනවා.
එම සාකච්ඡා අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.
සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයක පිළිතුරු ලබාදෙමින් පක්ෂ මහලේකම්වරයා එම අදහස් පළ කළා.