ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ ඉදිරියේදී පාසල් පද්ධතියේද වෙනස්කම් සිදුවන බව එම වැඩසටහනේ ක්රියාකාරිකයෙකු වන ආචාර්ය අනුරුද්ධ ගමගේ මහතා පවසනවා.
ඒ අනුව සෑම දිස්ත්රික්කයකටම ක්ලීන් ශ්රී ලංකා යටතේ එක් පාසලක් ගොඩනැඟෙන බවයි නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙම මස අවසන් වන විට ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන තවත් සාර්ථක වනු ඇති බවද ආචාර්ය අනුරුද්ධ ගමගේ මහතා වැඩිදුරටත් පැවසුවා.
නෙත් නිවුස් සිව්වන මානය මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.