2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවයි.
ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද දින සිට ලබන අප්‍රේල් මස 20 දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අප්‍රේල් මස 20 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළා.