හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතා ඇප මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කළේ.
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.