ලබන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගබඩාවල අලුත්වැඩියා සහ පිරිසිදු කිරීම් කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා ශ්‍රමදායකත්වය ලබා ගන්නා බවයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ.
විනිවිධ භාවයෙන් යුක්තව මෙවර වී මිලදී ගැනීමේ කටයුතු සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.