රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන්තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම , සාලාව යුධ හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට , කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
අනෙක් ගුවන් මගියා අම්පාර , මහඔය ප්‍රදේශයේ පදිංචි , රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවකි .
ඔවුන් දෙදෙනා අද දහවල් 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම '' කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සගවා ගෙන තිබී ඇති අතර පොලිස් භාරයට ගත් "කුෂ්" මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වනවා
මොවුන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතයි