Tuesday, January 21, 2025

General line - 0115112241

චීනයේ ජනගහනය තවත් පහළ යයි




උපත්වල සුළු වැඩිවීමට වඩා මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ චීනයේ ජනගහනය අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.

විශ්ලේෂකයින් පවසන්නේ මෙම ප්‍රවණතාවය සහ ඉන් ආර්ථිකයට අහිතකර බලපෑම් ඉදිරි වසරවලදී වේගවත් වනු ඇති බවයි.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව 2024 දී චීනයේ මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.39 කින් බිලියන 1.408 දක්වා පහත වැටී ඇත. 

එය 2023 දී බිලියන 1.409 ක් ලෙස දැක්වුණි.

වැඩිහිටි රැකවරණ සහ විශ්‍රාම ප්‍රතිලාභ හේතුවෙන් ඉහළ යන පිරිවැය දැනටමත් ණයගැති පළාත් පාලන ආයතන සඳහා අමතර පීඩායක් ඇති කිරීමට ඉඩ ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

චීනය මුහුණ පා සිටින දරු උපත් අඩුවීමේ අවදානමට අසල්වැසි ජපානය සහ දකුණු කොරියාව ද මුහුණ පා සිටියි.

ජපානයේ සහ දකුණු කොරියාවේ මෙන්ම, චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරවලට සංක්‍රමණය වී ඇති අතර, එහිදී දරුවන් හදා වඩා ගැනීමේදී ජීවන වියදම ඉතා ඉහළ වේ.

ළමා රැකවරණය සහ අධ්‍යාපනය සඳහා වන අධික පිරිවැය මෙන්ම රැකියා අවිනිශ්චිතතාවය සහ මන්දගාමී ආර්ථිකය ද බොහෝ චීන තරුණයින් විවාහ වී පවුලක් ආරම්භ කිරීමෙන් අධෛර්යමත් කර ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙයි