කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කළ සිසුන් 06 දෙනෙකු හදිසියේ සිහිසුන් වී ඇද වැටීමේ සිද්ධිය වාර්තා වූ රාජගිරිය පාසලේ විදුහල්පතිවරයා නෙත් නිවුස් අමතනු ලැබුවා.
එහිදී ඔහු කියා සිටියේ සිය පාසලේ එවැනි සිදුවීමක් සිදු නොවූ බවයි.
කෙසේවෙතත් නෙත් නිවුස් එම පුවත වාර්තා කළේ අදාල මූලාශ්‍රවලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.
ඉකුත් 18 වනදා දහවල් 12.00 ප්රවෘත්ති ප්‍රකාශයෙන් එම පුවත වාර්තා කළ ද අදාල පාසලේ නම සඳහන් නොකළේ නෙත් නිවුස් මාධ්‍ය ආචාර ධර්ම සුරකින නිසාවෙනි.