දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.
ඒ, එම ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 05කට අධික කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බවයි.
එම ප්‍රකාශවලින් අනාවරණ වූ කරුණු මත ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබෙන බැවින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය විසින් අවසර ලබා දුන්නා.
උදය කුමාර